අපි අදහන දෙවියන් ඇත්තටම පාරිශුද්ධයිද‍? අපිත් වැරදිලා හරි යක්ෂයා අදහනවා වෙන්න බැරිද? The Unholy (2021)

 අපි අදහන දෙවියන් ඇත්තටම පාරිශුද්ධයිද‍?



දෙවියන්ට මිනිස්සු වෙන අපිව සුවපත් කරන්න නැත්තං කාටවත් සුව කරන්න බැරි ලෙඩ රෝග වලින් මුදවාගන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් දෙවියන්ටම විතරයිද? ඇයි යක්ෂයාට මිනිස්සුන්ව සුවපත් කරන්න බැරිද????

2021 Release උන “ The Unholy” චිත්‍රපටය Horror හා Mystery ශානරයට අයති සිනමාපටයක්. IMDB දර්ශකයේ 5.1 ක්, Rotten Tomatoes දර්ශකයේ 26% ක් වගේම 56%Google පරිශීලක අගයක් මෙම සිනමාපටයට ලැබිලා තියනවා.

කතාව පැත්තට හැරුනොත් ජෙෆ් කියන්නේ ව්‍යාජ කතාවක් පත්තරේට ලියලා නම අවුල් කරගත්ත මාධ්‍යවේදියෙක්. කොහොමහරි අලුත් කතාවක් හොයාගෙන යන ජෙෆ්ට නොසිතු තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඒ අහම්බයෙන් මුණ ගැසුනු ප්‍රාතිහාරයන් පෑමට හැකි ඇලිස් නම් ගොළු යුවතියක් නිසා, මේ හින්දා අදේවවාදියෙක් වෙච්ච ජෙෆ් පවා දෙවියන් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඉන් පසු කතාව තවතවත් සංකීරණ තැනකට ගෙනියනවා. මෙම සිනමාපටයේ නියම රසය ලබන්න නම් ආගමික කෝණයන් පසෙකට කර රස විදින්න කියලත් අවසාන වශයෙන් කියන්න කැමතී.

ඔබ මීට පෙර නරඹා ඇති කිසිදු ආගමික හෝ ත්‍රාසජනක සිනමාපටයක සමාන කතාවක් මෙහි නොවන බවට ඔබටම වටහා ගැනීමට නම් මෙම සිනමාපටය අනිවාර්යෙන්ම ඔබටම නරඹන්නටම සිදු වෙනවා නියතයි. 

 

You know...

That wherever God went,

The devil was close behind.”

 

“ඔයා දන්නවද..

දෙවියෝ කොහේ ගියත්,

යක්ෂයාත් අහල පහල ඉන්නවා කියලා”

 

Movie Trailer Click

Malcome Dep Weerasinghe B.A. History (Sp) USJ

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.


Post a Comment

0 Comments