IMF එපාද?
2024 ජනාධිපතිවරණයේදී සාකච්ඡාවල වූ ප්‍රධාන මාතෘකාවක් තමයි IMF නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු
විසඳාගත යුතුද නැතිද යන්න. එහිදී ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා
ආධාර ලබාගත යුතුයි කියලා සඳහන් කරපු පිරිසක් වගේම සෘජුවම IMF විරෝධී කණ්ඩායමක් ජනාධිපතිවරණ සටනේ නියැලුණා. එහිදී ඔවුන් ජනතා බලය
ඉල්ලීමේදී IMF ප්‍රධාන මාතෘකාවක් වශයෙන් ඉදිරියට ගෙන එනු
ලැබුවා. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය හරහා අපට නිගමනයකට එන්න පුළුවන් ජනතාව IMF
නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලංකාවේ මූල්‍යමය වශයෙන්
පවතින ගැටලු විසඳාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව සතු වූ අදහස මොකක්ද කියලා.
ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු විසඳාගත යුතුයි කියලා ප්‍රධාන
වශයෙන්ම සඳහන් කරපු අපේක්ෂකයින් කිහිපදෙනෙක් ජනාධිපතිවරණ සටනේ දැකගත හැකි වූවා සේම
සෘජුවම IMF විරෝධී ජනාධිපති අපේක්ෂකයින් කිහිපදෙනෙක් ද ඔවුන්ගේ
ප්‍රතිපත්ති ප්‍රකාශන පිරික්සා බලන විට හඳුනා ගත හැකි විය. ප්‍රතිපත්ති ප්‍රකාශන එහිදී, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ
හා දිලිත් ජයවීර යන අපේක්ෂකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සෘජුවම හෝ වක්‍රව ඒ් හා පක්ෂව අදහස් ඉදිරිපත් කර තිබුණු අතර පානි
විජේසිරිවර්ධන, සිරිතුංග ජයසූරිය, මහින්ද දේවගේ හා නුවන් බෝපගේ IMF විරෝධී අදහස් ඉදිරිපත් කර තිබිණි. ඉහත කී ජනාධිපති අපේක්ෂකයින් ලබාගත්
ජනතා මනාප අනුව ඔවුන්ගේ මතය ජනතාව විසින් පිළිගත් ආකාරය හඳුනාගත හැකිය. එහිදී,
|
# |
පක්ෂය |
අපේක්ෂකයා |
ලබාගත් ඡන්ද සංඛ්‍යාව |
ලබාගත් ප්‍රතිශතය |
|
1 |
ජාතික ජන බලවේගය |
අනුර කුමාර දිසානායක |
5,634,915 |
42.31% |
|
2 |
සමගි ජන බලවේගය |
සජිත් ප්‍රේමදාස |
4,363,035 |
32.76% |
|
3 |
ස්වාධීන අපේක්ෂක (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ) |
රනිල් වික්‍රමසිංහ |
2,299,767 |
17.27% |
|
4 |
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ |
නාමල් රාජපක්‍ෂ |
342,781 |
2.57% |
|
5 |
ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂය |
දිලිත් ජයවීර |
122,396 |
0.92% |
ලෙස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පක්ෂව අදහස් පළ කල ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශතයන්
පමණක් ගණනය කලද එය 95.83% ලෙස දැක ගත හැකියි. එසේම සෘජුවම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකග
නොවන කණ්ඩායම් ලබාගත් ඡන්ද හා ප්‍රතිශත පරීක්ෂා කර බලන කල,
|
# |
පක්ෂය |
අපේක්ෂකයා |
ලබාගත් ඡන්ද සංඛ්‍යාව |
ලබාගත් ප්‍රතිශතය |
|
1 |
සමාජවාදී සමානතා පක්ෂය |
අනුර කුමාර දිසානායක |
4,410 |
0.03% |
|
2 |
එක්සත් සමාජවාදී පක්ෂය |
සජිත් ප්‍රේමදාස |
8,954 |
0.07% |
|
3 |
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය |
රනිල් වික්‍රමසිංහ |
5,338 |
0.04% |
|
4 |
සමාජවාදී ජනතා සංසදය |
නාමල් රාජපක්‍ෂ |
11,191 |
0.08% |
ජනාධිපති අපේක්ෂකයින් ලබාගත් ඡන්ද හා ප්‍රතිශත
මේ අනුව
පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සෘජුවම විරෝධතාවයක් දැක්වූ ජනාධිපතිවරණ
අපේක්ෂකයින් සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 0.22% ක අතිශය සීමා සහිත ප්‍රතිශතයක් පමණක්
ලබාගත් බවයි.
අවසාන
වශයෙන් පැහැදිලි වන කරුණ නම් 2024 ජනාධිපතිවරණයේ ඡන්ද බෙදී ගිය ආකාරය දෙස බලන කල තවදුරටත් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස්
ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳාගත යුතුයි.” යන්න තවදුරටත්
සමස්ත සමාජය තුළ සත්‍යයක් නොවන බවයි.
පෞද්ගලිකව
ජාත්‍යන්තර අරමුදල හරහාම ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ගැටළු විසඳාගත යුතුයි යන්නට 100%
මාද එකඟ නොවුනද 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බලන කල පෙනී යන්නේ IMF විරෝධී අදහසට ජනතාව තුළ කිසිදු පක්ෂපාතිත්වයක් නොමැති බවයි.
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය
සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල
කතෘගේ අනුදැනුම මත පමණි.
1 Comments
👌👌👌
ReplyDelete