රාජාණ්ඩු පාලනයක් පැවති ලංකාව යුරෝපීයන් විසින් සිය යටත් විජිතයක් බවට පත් කරගැනීමෙන් පසුව රාජාණ්ඩුව අහෝසි වී යටත් විජිතයක් බවට පරිවර්තනය විය.එතැන් පටන් විදේශීය පාලනයකට නතු වූ ලාංකිකයන් කිසිදා සියසින් දැක නැති රැජිණකගේ නාමයෙන් පාලනය වන්නට විය.යුරෝපීයන් හා එක්ව ආර්ථීක කටයුතු වල නිරත වී ධනවත් වූ මෙරට පිරිස් සිය දරුවන් යුරෝපීය අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය කොට ඉහළ අධ්‍යාපනය සඳහා යුරෝපයට යැවීය.පෙරළා ලංකාවට පැමිණි මොවුන් බිර්තාන්‍ය රැජිණගේ පාලනයට එකහෙලා පක්ෂ විය.එහෙත් බෞද්ධ පාසල් ප්‍රමුඛ පාසල් වලින් සිය අධ්‍යාපනය ලබා ඉහළ අධ්‍යාපනය සඳහා යුරෝපයට ගොස් ලංකාවට පැමිණි මෙරට මධ්‍යම පංතිය නියෝජනය කළ පිරිස් මෙම විදේශීය පාලනයට එකහෙලා පක්ෂ නොවීය.
මෙරට ජාතික ව්‍යාපාරයේ වැදගත් අවස්ථාවක් ලෙස 1919 දී ලංකා ජාතික සංගමය ආරම්භ වීම පෙන්වා දිය හැකි ය.ආරම්භයේ
දී සියළු දෙනා නියෝජනය කරන පුළුල් සංගමයක් සේ පෙනිගියද පසුව එය හුදු පහතරට
සිංහලයන්ගේ සංගමයක් බවට පත් විය.එසේම මෙම සංගමය කිසිවිටක රැජිණගේ පාලනයට විරුද්ධ
නොවී ය.නිත්‍යානුකූල හා සාමකාමී ක්‍රියාමාර්ග හරහා සිය ඉල්ලීම දිනාගැනීම ඔවුන්ගේ
අරමුණ විය.මෙම පිරිස මේ වන විටත් ලංකාවේ ආර්ථීක හා සාමාජීය බලය ගොඩනන්වාගෙන සිටි
අතර ඊට දේශපාලන බලයද එක් කරගැනීම මෙම ඉල්ලීමහි අරමුණ විය.ඒ හැර මෙම ඉල්ලීම් වල
කිසිඳූ ජාතික හැඟීමක් හෝ සාමාන්‍ය ජනයාට සේවය කිරීමට උත්සහයක් හෝ දැකගත නොහැක.මීට
කදිම උදාහරණය නම්,ඉන්දියානු ජාතික සංගමය මේ වන විට පුර්ණ නිදහස වෙනුවෙන් සටනට
පිවිස සිටි අතර ලංකා ජාතික සංගමය සිය ඉල්ලීම ලෙස,රැජිණගේ පාලනය යටතේ අභ්‍යන්තර
ස්වයං පාලනයක් පමණක් බලාපුරුත්තු වීම පෙන්වා දිය හැකි ය.ලංකා ජාතික සංගමය මෙලෙස
ඇල් මැරුණු කිර්යාකලාපයක් පෙන්නුම් කරන සමයේදී යුරෝපයේදී සමාජවාදී අදහස් වලින්
හෙබි වූ තරුණ වාමාංශිකයන් පෙරළා ලංකාවට පැමිණෙන්නට විය.මෙම පිරිස කිසිවිටක අධිරාජ්‍යවාදයට
පක්ෂ නොවීය.ජාතිකත්වයක් නියෝජන නොකළ ලංකා ජාතික සංගමයට විරෝධය පලකළ මොවුන්
වාමාංශික කිර්යාමාර්ග හරහා සිය විරෝධය දක්වන්නට විය.මෙම පිරිස අතර ආචාර්ය එන්.එම්
පෙරේරා,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා,පිලිප් ගුණවර්ධන,ලෙස්ලි
ගුණවර්ධන හා දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ වැනි නායකයන් විය.
ලංකා ජාතික සංගමය බිර්තාන්‍යයන්ගෙන් සීමිත බලය සහිත
පාලනයක් වෙනුවෙන් ඉල්ලීම් කරන සමයක මෙකී නායකයන් පූර්ණ නිදහස වෙනුවෙන් සටන ඇරඹීය.1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවිය.ඊට මෙරට සිටි
ඉංගීර්සි ගැති මධ්‍යම පංතිය දැඩි විරෝධයක් දැක්වීය.ඔවුන්ගේ ඉල්ලීම වූයේ, ධනයෙන්,උගත්කමින්
හා ලිංගභේදයෙන් සීමා වූ ඡන්ද ක්‍රමයකි.මෙවන් පරිසරයක විසිරි සිටි සමාජවාදී අදහස්
දරන්නන් එක්ව 1935 දී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ විය.ල.ස.ස.ප ප්‍රධාන අරමුණු
03 ක් ද සහිතව නිර්මාණය විය.එනම්,
- සම්පූර්ණ ජාතික නිදහස ලබාගැනීම.
- භාණ්ඩ නිෂ්පාදනය,බෙදා හැරීම හා හුවමාරුව සිදු කරන මාර්ග ජනසතු කිරීම.
- ජාති,කුල,ආගම් හා ලිංග භේදය නිසා පැන නගින අසමානකම් නැති කිරීම.
වේ. මින් පසු ල.ස.ස.ප මූලික කරගත් සමාජවාදී නායකයන්
පූර්ණ නිදහස වෙනුවෙන් සටන් ඉදිරියට ගෙනයන්නට විය.එහෙත් 1940 දී පක්ෂ තහනමත් සමඟ මෙම සටන ඔවුන් අතින් පසුපසට ගමන්
කරන්නට විය.මින්පසු මෙරට ධනවාදී නායකයන්ද මෙම සටන් පාඨය බාවිතා කරන්නට වූ නමුදු
ඔවුන් අවංක සිතින් එය නොකළ බව පසුකාලීන දේශපාලන බාවිතය දෙස බැලු කළ ගම්‍ය වන්නකි.
ඉන්දියානු ජාතික සටන 1947 දී ජයගැනීමත්,
2 වන ලෝක සංග්‍රාමය වැනි ඇතිවූ සමාජ,දේශපාලනික වෙනස්කම්
නිසාත් බිර්තාන්‍යයන් විසින් 1948 දී ලංකාවට
නිදහස ලබාදීමට තීරණය විය.මෙරට නායකයින් මෙම නිදහස කිසිදු ආකාරයකින් බලාපුරුත්තු වූ
දෙයක් නොවීය.එම නිසා එය බලෙන් පැටවූ නිදහසක් විනා දිනාගත් නිදහසක් නොවන බව
පැහැදිලිය.මෙම තත්ත්වය මනාව පැහැදිලි වන්නේ,1947 දී ඉන්දියානුවන් බිර්තාන්‍යයන්ගෙන් නිදහස් වූ වහාම නව ව්‍යවස්ථාවක් පනවා
පූර්ණ නිදහස දිනාගැනීම හා ලාංකික නායකයන් 1948 දී ලැබුණු අර්ධ නිදහස නැතිනම් ඩොමීනියන් තත්ත්වය තවත් දශක ගනනාවක්
පවත්වාගෙන යාමත් තුලිනි.
ඩොමීනියන් තත්ත්වයක් යනු පැහැදිලිවම නිදහස නොවේ.එමඟින්
මෙරට ස්වාධිපත්‍යට දැඩි සීමා පනවා තිබිණි.උදාහරණ ලෙස,
- රාජ්‍යයේ නායකයා බිර්තාන්‍ය රැජිණ වේ.
- ඉහළම අධිකරණය බිර්තාන්‍ය රාජාධිකරණය (පිර්වි කවුන්සිල්)
- ආණ්ඩුවේ නායකයා රැජිණගේ නාමයෙන් බලය කිර්යාත්මක කිරීම.
- පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයක් නොවීම.(29 හා 39 වගන්ති)
ඉන් කිහිපයක් පමණි.
1948 සිට 1972 දක්වා ලංකාව විවිධ
නායකයන් විසින් පාලනය කරන්නට විය.ඔවුන් විවිධ අවස්ථාවන්හි බලය එකිනෙකා හා හුවමාරු
කරමින් පාලනය කරන්නට විය.එහෙත් ඔවුන් ලංකාව නිදහස්,ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් කිරීමට ප්‍රශස්ත කාර්යක් ඉටුකළ බවක් නොපෙනේ.1956 දී බලයට පත් වූ බණ්ඩාරනායක මහතා මේ සඳහා යම් උත්සහයක් ගත්තද එය
සාර්ථකව අවසන් නොවීය.මෙම නායකයන් අතර සිටි බොහෝ පිරිසක් තවදුරටත් රැජිණගේ
යටවැසියන් ලෙස පාලනයකට රුචිවිය.
1968 පසුවන විට මෙම තත්ත්වය වෙනස් වී ලංකාව බිර්තාන්‍යයෙන්
පූර්ණ නිදහස ලබාගත යුතු බවට ඇති අදහස් වර්ධනය වන්නට විය.විවිධ මතභේද නිසා වෙන්වූ
සමසමාජ නායකයන් නැවත මෙම මතය මත එක්වන්නට විය.එහිදී ශිර්.ල.නි.ප කේන්ද්‍ර කොටගත්
ල.ස.ස.ප හා කො.ප එක්ව සමඟි පෙරමුණ ලෙස එක්ව ලංකාව නිදහස්,ස්වෛරී,ස්වාධීන රාජ්‍යයක්
කරමින් නව ව්‍යවස්ථාවක් පැනවීමට අවශ්‍ය බලය ලබාගැනීමට 1970 මැතිවරණයට ඉදිරිපත් වී 2/3 ක පැහැදිලි ජයක් ලැබී ය.
1970 ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා
වූ ගරු ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට හට ලංකාව නිදහස්,ස්වෛරී,ස්වාධීන රාජ්‍යයක්
කිරීමට අවශ්‍ය නීතී සම්පාදනය කිරීමට පැවරිණි.නීති විශාරදයෙක් වූ මෙතුමා විසින්
අගමැතිනියගේ මූලිකත්වයෙන් කමිටු කැඳවා සාකච්ඡා වට රාශියක ප්‍රතිඵලයක් ලෙස මෙම
කාර්යය නිම කරන්නට විය.එහිදී 1935 දී පිහිට වූ
ල.ස.ස.ප යේ මූලික අරමුණු අතර වූ "සම්පූර්ණ
ජාතික නිදහස ලබාගැනීම" යන්න 1972 දී සඵල
කරගැනීමට මෙම නායකයන්ට මෙසේ හැකි විය.1972 මැයි 22 සිට කිර්යාත්මක වූ මෙම ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ 1 ඡේදයෙන් ශීර් ලංකාව නිදහස්,ස්වෛරී,ස්වාධීන රාජ්‍යයක්
ලෙස නම් කර තිබෙ යි.එය
1797 න් පසු බිර්තාන්‍යය පාලනයෙන් පූර්ණ ලෙස මිදුනු ප්‍රථම
අවස්ථාව ලෙසයි.
උගත් කමින්,ධනයෙන් සීමාවූ රැජිණගේ නාමයෙන් කටයුතු කිරීමට
රුචි වූ යටත් විජිතයක 1948 පෙබරවාරි 04 දින බලෙන් පැටවූ නිදහස, නිදහසක් ලෙස දැකීමට අපහසුය.යටත්විජිතවාදයෙන් හා අධිරාජ්‍යයවාදයෙන් පූර්ණ
ලෙස නිදහස ලද 1972 මැයි 22 ශීර් ලංකාවේ
සත්‍ය නිදහස් දිනය නොවන්නේද?
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය
සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල
කතෘගේ අනුදැනුම මත පමණි.

1 Comments
Appreciated your comments
ReplyDelete