Malcome Dep Weerasinghe B.A.History(Sp)USJ
වර්තමානය මෙන්
නොව දශක ගණනකට පෙර ලෝකයේ මෙන්ම ලංකාවේ ද පැවති දේශපාලන පරිසරය අද පවතින තත්ත්වයට
වඩා බොහෝ සෙයින් වෙනස් විය.වර්තමාන ලෝකයට වඩා වෙනස් වූ සමාජ, ආර්ථීක හා
අනෙකුත් සාධකයන් ඊට හේතුකාරක විය.දෙවන ලෝක සංග්‍රාමයට පසු ඇති වූ සීතල යුද්ධය කරණ
කොට ගෙන සමාජවාදය හා ධනවාදය මූලික කොට ගනිමින් රාජ්‍ය පාලනයන් ආරම්භ වන්නට
විය.එහෙත් ලංකාව වැනි යටත්විජිතවාදයෙන් නිදහස ලැබූ නැවුම් රාජ්‍යයන්ට එම තෝරාගැනීම
ඉතාම අපහසු එකක් වන්නට ඇත.ඊට හේතුව ලෙස, යටත්විජිත සමයේ ඔවුන්ට පක්ෂව සිට ඔවුන් හා
එක්ව ධනවාදී ආදායම් මාර්ග හරහා ආදායම් ලැබූ ධනවත් ර`දලයන් පිරිසක් මෙන්ම
යුරෝපීය රටවලින් ලද සමාජවාදී අදහස් වලින් හෙබි යටත්විජිතවාදය හා විදේශීය අධිරාජ්‍යවාදයට
එරෙහි බුද්ධිමතුන් පිරිසක් ලෙස දෙපිරිසක් බලවත් වී සිටීම යි.
1947 යනු ලංකාවට ප්‍රථම
වරට වෙස්මිනිස්ටර් (Westminster) ආකෘතියේ
ආණ්ඩුක්‍රමයක් හිමි වූ වසරයි. අද මෙන් දේශපාලන පක්ෂ වලට බලයක් එදා නොවී ය. 1935 දී ආරම්භ වූ
ලංකා සමසමාජ පක්ෂය, එයින් ඛෙදී
ගිය කොමියුනිස්ට් පක්ෂය(1942)
හා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය(1945) ඒ වන විට යම්
දේශපාලන පරිනත බවක් පෙන්නුම් කරන්නට විය. එහෙත් 1946 වන විට එක්සත් ජාතික
පක්ෂය ආරම්භ වන අතර සමාජවාදීන් මෙන් ලෝක දේශපාලනයේ න්‍යාත්මක ගැටුම් වලින් හිස
පුරවා ගෙන නොසිටි ඔවුන් සිය පංතියේ පැවැත්ම වෙනුවෙන් ඒකරාශී වනු දැකගත හැකි ය.1919 දී ආරම්භ වූ
ලංකා ජාතික සංගමයේ දිගුවක් ලෙස ඉදිරියට ආ එක්සත් ජාතික පක්ෂය මෙරට සිටි ධනවත්
රඳලයන්ගේ දේශපාලන නියෝජනය බවට පත්විය.
මෙවන් වූ
පරිසරයක 1947 දී මෙරට ප්‍රථම
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වී ය.සෝල්බරි ව්‍යවස්ථාවට අනුව මෙය ද්වි මාණ්ඩලික
විය. පාර්ලිමේන්තුවේ සංයුතිය 131 විය.
මෙහිදී සර්වජන
ඡන්දයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට 95 දෙනෙක් තෝරාගත් අතර ඒ සඳහා කේවල මන්තී‍්‍ර
කොට්ඨාස 84 හා බහු
මන්තී‍්‍ර කොට්ඨාස 5 ක් ක්‍රියාත්මක
විය. දේශපාලන පක්ෂ වලට වඩා පුද්ගලයා හා සමාජය අතර වූ සම්බන්ධතාවය මත ඡන්දය ප්‍රකාශ
වීම මෙම මැතිවරණයේ සුවිශේෂී ලක්ෂණයක් විය. එය ස්වාධීන මන්ත්‍රීවරුන් ලද ජයග්‍රහණය
මඟින් මනාව පසක් වේ.
|
පක්ෂය |
මන්තී‍්‍රධූර ගණන |
|
එක්සත් ජාතික පක්ෂය |
42 |
|
ලංකා සමසමාජ පක්ෂය |
10 |
|
බොල්ෂෙවික් ලෙනිනිස්ට්
පක්ෂය |
5 |
|
කොමියුනිස්ට් පක්ෂය |
5 |
|
ද්‍රවිඩ සංගමය |
7 |
|
ලංකා ඉන්දියානු සංගමය |
7 |
|
ස්වාධීන |
19 |
මූලාශ්‍රය
1947 සිට 1970 දක්වා වූ
කාලය තුල පවත්වන ලද ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ, 1971, මැතිවරණ
දෙපාර්තුමේන්තුව කොළඹ, රාජ්‍ය මුද්‍රණාලය.
ඉහත සටහනට
අනුව බහු පක්ෂ ක්‍රමය යටතේ පැවති මෙම මැතිවරණයේදී කිසිඳූ තනි පක්ෂයකට හෝ ස්වාධීන
කණ්ඩායමකට බහුතර බලයක් ලබා ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි විය. මෙම තත්ත්වය මත ලෝක
දේශපාලන මතවාද හිස් මුදුනේ තබා ගෙන සිටි මෙරට සමාජවාදී නායකයන්ට මෙරට ප්‍රථම පාර්ලිමේන්තුව
සමාජවාදී මූලධර්ම යටතේ සමාජවාදී පාර්ලිමේන්තුවක් බවට පරිවර්තනය කිරීම සඳහා වැඩි
අවස්ථාවක් හිමි වූ බව පෙනී යයි. ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයන් 10,බොල්ෂෙවික්
ලෙනිනිස්ට් පක්ෂයේ නියෝජිතයන් 5,කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් 5 දෙනා හා ද්‍රවිඩ
ජනයා නියෝජනය කළ මන්ත්‍රීවරුන් මීට පක්ෂ වූ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් 19 තීරක බලවේගය
බවට පත් විය.ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ද මෙම සභාගයට වැඩි රුචිකත්වයක්
පෙන්වූ අතර ආචාර්ය එන්.එම් පෙරේරා අගමැති කරමින් ආණ්ඩුවක් පිහිට විය යුතු බවට
අදහස් ද ඉදිරිපත් විය. මෙවන් අවස්ථාවක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින්
ස්වාධීන මන්ත්‍රීවරුන් පිළිබඳව දක්වා තිබූ විවේචනාත්මක අදහස් මෙම සමාජවාදී
පාර්ලිමේන්තු සිහිනය අකා මකා දැමීමට සමත් විය. එනම්, ස්වාධීන මන්ත්‍රීවරුන්
යනු තනි මතයක් නොමැති ඔළු තුනේ බූරුවන් වන බවත් ඔවුන්ට සමාජවාදයට ධනවාදයට හා මධ්‍යස්ථව
ලෙස ඔළු තුනක් ඇති බවත් සඳහන් කර තිඛෙ යි.මේ සමඟ ස්වාධීන මන්ත්‍රීවරුන් මෙම සභාගය
හා එක්වීමට තරයේ විරුද්ධ විය. මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් එක්සත් ජාතික පක්ෂය
ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ ද සහය ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් නිර්මාණය
කරනු ලබයි.ගරු D.S සේනානායක මහතා නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත් වේ.
මේ සමඟම
ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව සමාජවාදී පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ සිහිනය මැකී
යන්නට විය. ලෝක ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී මෙන් සමාජවාදීන්ගේ අනවශ්‍ය න්‍යායන්, තර්ක, මතවාදයන් හා
උඩඟු ක්‍රියාකලාපය නිසා ඔවුනොවුන් සමඟ සමඟිය බිඳවැටෙන අතර එවන් අවස්ථාවලින් උපරිම
ප්‍රයෝජන ලබාගන්නා ධනවාදීන් ප්‍රබල පිරිසක් ලෙස පෙරට පැමිණෙනු දැකගත හැකි ය.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

1 Comments
Appreciated your comments.
ReplyDelete