ලංකා සමසමාජ පක්ෂය ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය යි. (ලංකා
සමසමාජ පක්ෂය පිළිබද පැහැදිලි ලිපියක් මෙතනින්) ල.ස.ස.ප පිහිටුවීමට ආසන්නතම හේතුව වූයේ,1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවණයට පුළුල් සංවිධානයක්
ලෙස ඉදිරිපත් වීමට පැවති අවශ්‍යතාවයයි.මෙතැන් පටන් ල.ස.ස.ප මැතිවරණ රාශියකට
ඉදිරිපත් වී සැලකිය යුතු ජයග්‍රහණ මෙන්ම තීරණාත්මක පරාජයන් උරුම කරගනී.
1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය.
ල.ස.ස.ප පිහිට වූ පසු ඉදිරිපත් වූ ප්‍රථම මැතිවරණය මෙය
යි.මෙම මැතිවණය ඉතිහාසගත ගත වූයේ ,මැතිවරණයක් ස`දහා දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයන් ඉදිරිපත් වූ ප්‍රථම
අවස්ථාව ලෙස යි.1936 පෙබරවාරී හා මාර්තු වල පැවති මැතිවරණය සඳහා ල.ස.ස.ප
අපේක්ෂකයන් සිව්දෙනෙක් ඉදිරිපත් කළේ ය.ඒ,
රුවන්වැල්ල ආසනය සඳහා ආචාර්ය එන්. එම් පෙරේරා.
අවිස්සාවේල්ල ආසනය සඳහා පිලිප් ගුණවර්ධන.
පානදුර ආසනය සඳහා ලෙස්ලි ගුණවර්ධන.
මොරවක ආසනය සඳහා දොස්තර එස් .ඒ වික්‍රමසිංහ.
විය.පක්ෂ සභාපතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
මැතිවරණය මෙහෙය වූ නමුත් මැතිවරණයට ඉදිරිපත් නොවීම විශේෂ තත්ත්වයකි.
මෙම මැතිවරණයෙන් ආසන දෙකක් ජය ගැනීමට ල.ස.ස.ප ට හැකිවිය.
ඒ,
රුවන්වැල්ල ආසනය ආචාර්ය එන්. එම් පෙරේරා විසින් ඡන්ද 15275 ක් ලබා ජයගත්තේ ප්‍රදේශයේ සිටි ප්‍රබල රදල අපේක්ෂිකාවක
වූ ඇඩ්ලින් මොලමුරේ මහත්මිය පරදවමිනි.
අවිස්සාවේල්ල ආසනය පිලිප් ගුණවර්ධන විසින් ඡන්ද 23906 ක් ලබා ජයගත්තේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ
කථානායකවරයා වූ ඊ.ඒ ඔබේසේකර මහතා පරදවමිනි.
පානදුර ආසනය හා මොරවක ආසනය ලෙස්ලි ගුණවර්ධන හා දොස්තර
එස් .ඒ වික්‍රමසිංහ ප්‍රබල තරඟයකින් පසුව පරාජයට පත්විය.
මේ ආකාරයට රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය තුළින් ලද ආසන
දෙක යොදා ගනිමින් මෙතෙක් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ සාකච්ඡා නොවුණු පීඩිත පිළිබඳව
සාකච්ඡා කිරීමට හා ඔවුන්ගේ සුභසාධනය සඳහා කටයුතු කරන්නට විය.
1947 මහ මැතිවරණය
දෙවන ලෝක සංග්‍රාමය නිසා 1936 ට පසු ලංකාවේ නැවත මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1947 දීය.මේ වන විට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට
හිමිව තිබුණු අතර විවිධ දේශපාලන පක්ෂ,කණ්ඩායම් හා ස්වාධීන මන්ත්‍රීවරුන් මැතිවරණයට ඉදිරිපත්
විය.ලංකා සමසමාජ පක්ෂය තුළ මේ වන විට යම් න්‍යාත්මක අර්බුධයක් නිර්මාණය වී
තිබිණි.එහි අවසන් ප්‍රතිඵලය වූයේ,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඇතුළු ල.ස.ස.ප යේ ප්‍රබලයන්
කිහිප දෙනෙක් එක්ව බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නිර්මාණය (බොල්ෂෙවික්
ලෙනිනිස්ට් පක්ෂය පිළිබද පැහැදිලි ලිපියක් මෙතනින්) කරගැනීමයි.මෙම නිසා 1947 මැතිවරණයට ල.ස.ස.ප කොටස් දෙකක් ලෙස තරඟ කරන්නට විය.එහි
දී,
ල.ස.ස.ප ආසන 28 සඳහා තරඟ කර ඉන් ආසන 10 ක් ද,
බො.ලෙ.ප ආසන 10 සඳහා තරඟ කර ඉන් ආසන 5 ක් ද,
දිනා ගන්නට සමත් විය.මෙම මැතිවරණයේ දී ආසන 42 ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්
සේනානායක අගමැති වූ අතර ල.ස.ස.ප යේ ආචාර්ය එන්. එම් පෙරේරා විපක්ෂ නායකයා විය.
1952 මහ මැතිවරණය
මෙම මැතිවරණය ල.ස.ස.ප පසුපසට ඇඳ දැමූ මැතිවරණයක් ලෙස නම්
කළ හැකිය.ඊට හේතුව වන්නේ,මෙම මැතිවරණයට පසු ල.ස.ස.ප ට පාර්ලිමේන්තුවේ තෙවන තැනට
පසුබැසීමට සිදු වීමයි.ඒ සමඟම විපක්ෂ නායක ධූරය ද ල.ස.ස.ප ට අහිමි විය.එය හිමි වූයේ
ශිර් ලංකා නිදහස් පක්ෂයේ නායකයාටයි.එසේම කොල්වින් වැනි ල.ස.ස.ප ප්‍රබලයන්ට ද
පරාජය මේ මැතිවරණයෙන් උරුම විය. එහි දී,
ල.ස.ස.ප ආසන 39 සඳහා තරඟ කර ඉන් ආසන 9 ක් ද,
ශිර්.ල.නි.ප ආසන 48 සඳහා තරඟ කර ඉන් ආසන 9 ක් ද,
හිමිකර ගෙන ඇත.
මෙම මැතිවරණයේ දී ආසන 54 ක් දිනාගත් එ.ජා.ප යේ නායක ඩඩ්ලි සේනානායක අගමැති
විය.මෙම ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනයට ලක් විය.එය 1953 මහා හර්තාලයට ද හේතු විය.
1956 මහ මැතිවරණය
1953 මහා හර්තාලයට ඍජුවම සම්බන්ධ වුණු ල.ස.ස.ප 1956 මැතිවරණයට ශක්තිමත්ව ඉදිරිපත් විය. ශිර්.ල.නි.ප මහජන
එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තරඟ කරන්නට විය.එසේම ශිර්.ල.නි.ප හා ල.ස.ස.ප අතර
නිතරඟ ගිිවිසුමක් ද පැවතිණි.
ල.ස.ස.ප ආසන 21 සඳහා තරඟ කර ඉන් ආසන 14 ක් ජය ගන්නට සමත් විය.
ශිර්.ල.නි.ප ප්‍රමුඛ ම.එ.පෙ ආසන 60 සඳහා තරඟ කර ඉන් ආසන 51 ක් ජය ගන්නට සමත් විය.
එහෙත් එ.ජා.ප ට හිමි වූයේ ආසන 8 ක් පමණි.මෙම නිසා නව අගමැතිවරයෙක් පත් වූ අතර ඒ මහජන
එක්සත් පෙරමුණේ නායක එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා යි.විපක්ෂ
නායකයා ලෙස ල.ස.ස.ප යේ ආචාර්ය එන්. එම් පෙරේරා නැවත පත්විය.
1960 මාර්තු මහ මැතිවරණය
ම.එ.පෙ නායක බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු වෙනස් වූ
සමාජ පරිසරයක් තුළ මෙම මැතිවරණය පැවතිණි.ම.එ.පෙ නැවත ශිර්.ල.නි.ප ලෙස තනිව සටනට
අවතීරණ වන අතර එ.ජා.ප නැවත බලවත් විය.මෙම මැතිවරණයේ දී,
එ.ජා.ප ආසන 50 ක් ද,
ශිර්.ල.නි.ප ආසන 46 ක් ද,
ල.ස.ස.ප ආසන 10 ක් ද,
ලෙස ආසන දිනා ගන්නට විය.එ.ජා.ප නායකයා විසින් ආණ්ඩුවක්
පිහිට වූ නමුත් එහි බහුතරයක් නොවූ නිසා පාර්ලිමේන්තුව විසුර වන ලදී.
1960 ජූලී මහ මැතිවරණය
මාර්තු මැතිවරණයෙන් බහුතරයක් කිසිඳූ පක්ෂයක් නොලැබීම
නිසා 1960 ජූලි මස අළුත් මැතිවරණයක් පැවත්වනු ලැබීය.ගතවූ මාස
කිහිපය තුළ ජනමතය වෙනස් වී තිබිණි.ඊට ප්‍රධාන හේතුව වූයේ සෙනට් සභික වරියක් වූ දිවන්ගත
බණ්ඩාරනායක මහතාගේ බිරිඳ ශිර්.ල.නි.ප ට නායකත්වය දීමට පැමිණීමයි. මෙම නිසා මෙම
මැතිවරණයේ දී,
ශිර්.ල.නි.ප ආසන 75 ක් ද,
එ.ජා.ප ආසන 30 ක් ද,
ල.ස.ස.ප ආසන 12 ක් ද,
දිනා ගැනීමයි.
මෙහි දී ශිර්.ල.නි.ප යේ අගමැති "සිරිමාවෝ
බණ්ඩාරනායක" යටතේ තනි ආණ්ඩුවක් පිහිට වීය.1963 දී පාර්ලිමේන්තුවට පත් වූ වාමාංශික නායකයන් එක්ව නව
පෙරමුණක් පිහිටුවී ය. එය වාමාංශික එක්සත් පෙරමුණ විය.මෙම පෙරමුණ තුළ ල.ස.ස.ප,කොමියුනිස්ට් පක්ෂය හා ම.එ.පෙ විය. සුප්‍රකට "ඉල්ලීම්21"
ද මෙම පෙරමුණේ ඉල්ලීම්
මාලාවකි.1964 දී ශිර්.ල.නි.ප හා ල.ස.ස.ප එක්ව සභාගයක් ගොඩනැගූ අතර
එන්.එම් පෙරේරා,අනිල් මුණසිංහ වැනි නායකයන් මෙම ආණ්ඩුවේ ඇමතිධූර ලබාගනිද්දී,
කොල්වින් හා ලෙස්ලි
ගුණවර්ධන වැනි නායකයන් එම රජයේ ඇමතිධූර ද ප්‍රතික්ෂේප කරන්නට විය.
1965 මහ මැතිවරණය
1965 මහ මැතිවරණය නැවත එ.ජා.ප විසින් ජයගන්නා ලදී.මෙම
මැතිවරණයේ දී කොල්වින් ල.ස.ස.ප යෙන් අවසන් වරට දෙහිවල - ගල්කිස්ස ආසනය සඳහා තර`ග වැද පරාජය විය.එහෙත් 1968 අතුරු මැතිවරණයට අඟලවත්ත ආසනයට තරඟ කොට කොල්වින් ජය
ගත්තේ ය.1965 මැතිවරණයෙන් යළි අගමැති වීමට ඩඩ්ලි සේනානායක සමත්
විය.මෙම මැතිවරණයේ දී,
එ.ජා.ප ආසන 66 ක් ද,
ශිර.ල.නි.ප ආසන 41 ක් ද,
ල.ස.ස.ප ආසන 10 ක් ද,
ලෙස ආසන දිනා ගන්නට විය.
1970 මහ මැතිවරණය
1968 දී ලංකාවේ වාමාංශික නායකයන් නැවත පෙරමුණු දේශපාලනයට
සම්බන්ධ විය.ඒ ශිර්.ල.නි.ප කේන්ද්‍ර කොටගත් ල.ස.ස.ප හා කො.ප එක්ව ගොඩනැගු
පෙරමුණක් විය.එම නිසා මෙම පෙරමුණ "සමඟි පෙරමුණ" විය. 1970 මැතිවරණය ස.පෙ විසින් ජයගත්තේ ය.
ශිර්.ල.නි.ප ආසන 91 ක් ද,
ල.ස.ස.ප ආසන 19 ක් ද,
එ.ජා.ප ආසන 17 ක් ද,
කො.ප ආසන 6 ක් ද,
ලෙස ආසන දිනා ගන්නට විය.
ස.පෙ විසින් 2/3 බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් පිහිට වූ අතර ශිර්.ල.නි.ප
නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නැවත අගමැති විය.මෙම පාර්ලිමේන්තුවේ වාමාංශිකයන්
සතු වූ බලය සුවිශේෂී වේ.එහි දී ල.ස.ස.ප යේ,
ආචාර්ය එන්. එම් පෙරේරා මුදල් ඇමති ලෙසත්,
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැවිලි කර්මාන්ත හා ව්‍යවස්ථා
සම්පාදක ඇමති ලෙසත්,
පත්වීම ඊට කදිම නිදසුන් වේ.සමාජවාදී මූලධර්ම වලට වැඩි
අවධානයක් යොමු කරමින් ගෙන ගිය පාලනයක් වූ මෙම සමයේ ල.ස.ස.ප ආරම්භ කරන විට පැවති
අරමුණු සඵල කරගැනීමට ල.ස.ස.ප කටයුතු කොට තිබේ. එහි දී,
සම්පූර්ණ ජාතික නිදහස ලබාගැනීම.
භාණ්ඩ නිෂ්පාදනය ,ඛෙදා හැරීම හා හුවමාරුව සිදු කරන මාර්ග ජනසතු කිරීම.
ජාති ,කුල ,ආගම් හා ලිංග භේදය නිසා පැන නගින අසමානකම් නැති කිරීම.
යන අරමුණු තිර්ත්වය ල.ස.ස.ප නායකයන් විසින් ස.පෙ යටතේ
ඉටු කරවා ගෙන තිබේ. ඒ,
1972 ලංකාව ජනරජයක් බවට පත් කිරීීම.
1975 ජනසතු කිරීම්.
හරහායි.එසේ වූවද 1975 දී ල.ස.ස.ප ස.පෙ නෙන් ඉවත් වේ.මින් පසු ල.ස.ස.ප සභාග
දේශපාලනයේ ගොදුරක් වන අතර වර්තමානය තෙක්ම එම තත්ත්වය දැකගත හැකිය.
1977 මහ මැතිවරණය
ස.පෙ යටතේ පැවති සමාජවාදී ප්‍රතිපත්ති ලාංකිකයා හට ගෙන
දුන්නේ පීඩාවකි.මෙම නිසා ජනතාව ස.පෙ ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමෙන් ජීවත් විය.එසේම
එ.ජා.ප යේ ජ්‍යෙෂ්ඨ මන්තීර්වරයෙක් වූ ජේ. ආර් ජයවර්ධන යටතේ එ.ජා.ප බලවත් වන්නට
විය.නව ව්‍යවස්ථාවක් මඟින් ස.පෙ ආණ්ඩුව ඇති කළ අර්බුධ විසඳා ජනතාවට සහනයක් ලබාදීමට
දීමට එ.ජා.ප පොරොන්දු විය.මෙවන් පරිසරයක් තුළ 1977 මහ මැතිවරණය පැවැත්වුණු අතර ල.ස.ස.ප පෙරමුණු දේශපාලනය
හරහා මෙම මැතිවරණයට ඉදිරිපත් විය.ඒ එක්සත් වාමාංශික පෙරමුණ
ලෙසයි.මෙම එ.වා.පෙ තුළ ල.ස.ස.ප,කො.ප හා මහජන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂය විය.සමාජවාදය
දැඩිව ප්‍රතික්ෂේප කළ ජනතාව එ.ජා.ප ට 5/6 සුවිශේෂී බහුතර බලයක් ලබා දුනි.ඒ,
එ.ජා.ප ආසන 140 ක් ද,
ශිර්.ල.නි.ප ආසන 9 ක් ද,
ලබා දෙමිනි.
මෙම මැතිවරණයේ දී ශිර්.ල.නි.ප ටද පාර්ලිමේන්තුවේ තෙවන
ස්ථානයට පසු බැසීමට සිදු වූ නිසා විපක්ෂ නායකධූරය ද අහිමි විය.විපක්ෂ නායකධූරය
හිමි වූයේ ආසන 18 ක් දිනාගත් උතුරේ ද්‍රවිඩ ජාතීන් පමණක් නියෝජනය කළ "ද්‍රවිඩ
එක්සත් විමුක්ති පෙරමුණට"
යි. මෙම පක්ෂයේ නායක ඒ.
අමිත්තලිංගම් විපක්ෂ නායකවරයා විය.මෙම පාර්ලිමේන්තුව තුළ කිසිඳූ වාමාංශික
නායකයෙක් ජයගත්තේ නැත.එ.වා.පෙ ට දැඩි පරාජයක් උරුම වී තිබිණි.වාමාංශික පතාක යෝධයන්
වූ ආචාර්ය එන්. එම් පෙරේරා,දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මෙන්ම ආචාර්ය කොල්වින් ආර් ද
සිල්වා ද සිය ආසනයන පරාජය වී තිබිණි.ජනතාව අතර සමාජවාදය කෙතරම් ප්‍රතික්ෂේප වූවාද
යන්න පහත උදාහරණයෙන් දැකගත හැකිය.
උදා - 1977 මහ මැතිවරණයට අඟලවත්ත ආසනයට ස.පෙ ආණ්ඩුවේ හිටපු වැවිලි
කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එ.වා.පෙ
අපේක්ෂකයා විය.එ.ජා.ප අපේක්ෂකයා වූයේ,කළුතර නගර සභා මන්තීරවරයෙකු වූ මෙරිල් කාරියවසම්
නම් අධිනීතිඥවරයෙකි.මෙය
ඔහුගේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයද විය.සමාජවාදයෙන් බැට කා සිටි ජනතාව ල.ස.ස.ප
පතාක යෝධයාව වැඩි ඡන්ද 11,376 කින් මෙරිල් කාරියවසම් නම් වූ නවක අපේක්ෂකයා හමුවේ
පරාජය කරනු ලැබී ය.
1989 මහ මැතිවරණය
1977 මහ මැතිවරණයට පසු නැවත 1983 දී මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. එ.ජා.ප
නායකයා 5/6 ක සුවිශේෂි බලයක් සහිතවූ පාර්ලිමේන්තුව විසුරවා හැරීම
වෙනුවට දේශපාලන උපක්‍රමයක් යොදා සිය පාර්ලිමේන්තුව රැක ගන්නට විය.එය 1982 දී ජනමත විචාරණය
යි.මෙය බොහෝ උගතුන් විවේචනය
කළ අතර ල.ස.ස.ප වෙනුවෙන් කොල්වින් එම විවේචන ප්‍රබලවම ඉදිරිපත් කරන්නට විය.ඔහු මෙම
තත්ත්වය "අප මුහුණ දෙමින් සිටින උවදුර" යන සමසමාජ කෘතායෙන් පැහැදිලි කොට තිඛෙයි.
"ජනමතය විමසීමේ මුවාවෙන් කිරීමට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී
රටක වැසියන්ට හොඳීන් හුරු පුරුදු ඡන්ද ක්‍රමයක් මගින් නිශ්චිත කාලයක් සඳහා
ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමට තිබූ අයිතිය අහුරා දැමීමටයි."
විධායක බලතල ද උපයෝගි කරගත් එ.ජා.ප නායකයා වූ ජනාධිපති
ජේ. ආර් ජයවර්ධන විසින් 54.45% ක් ලබා ජනමත විචාරණය ජයගන්නා ලදී.
මේ අනුව දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව පැවැත්වූ ප්‍රථම මහ
මැතිවරණය 1989 දී පවත්වනු ලැබී ය.විකෘති බලයක් සහිතව පැවති 1977 පාර්ලිමේන්තුව විසිරවූ පසු, 1989 මහ මැතිවරණය එ.ජා.ප ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් ද ශිර්.ල.නි.ප
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද මෙහෙය වීය.සමානුපාතික ඡන්දයෙන් 196 දෙනෙක් ද ජාතික ලයිස්තුවෙන් 29 ද මෙවර පාර්ලිමේන්තුවට පත් කරගැනීමට නියමිතව තිබිණි.පෙර
මැතිවරණයෙන් දියාරු වී ගිය මෙරට වාමාංශික ව්‍යාපාරයට නැවත පණ දීම සඳහා වාමාංශික
නායකයන් නව පුළුල් පෙරමුණක් පිහිටුවී ය. එය "එක්සත් සමාජවාදී පෙරමුණ"
නම් විය.මෙම පෙරමුණ තුළ
ල.ස.ස.ප, කො.ප, න.ස.ස.ප, ශීර් ලංකා මහජන පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණෙන්
වෙන්වූවන් ද විය.මෙම පෙරමුණ මෙරට වාමාංශික දේශපාලනයේ වැදගත් අවස්ථාවක් විය.ඊට
හේතුව වුයේ පුළුල් වාමාංශික එකතුවක් මෙතුළ සිටීමයි.එහෙත් 1989 මැතිවරණයේ දී වාමාංශික බලවේගය වූ එ.ස.පෙ ජනතාව අතින්
දැඩිව ප්‍රතික්ෂේප විය. මෙම මැතිවරණයෙන්,
එ.ජා.ප මන්තීර්ධූර 125 ක් ද,
ශිර්.ල.නි.ප මන්තීර්ධූර 67 ක් ද,
ලබාගැනීමට සමත් විය.
ල.ස.ස.ප ප්‍රමුඛ එ.ස.පෙ ට හිමි වූයේ මන්තීර්ධූර 3 ක් පමණි.ඒ ආසන දෙකක් හා එක් ජාතික ලයිස්තු මන්තීර්ධූරයක්
වශයෙනි.සමානුපාතික ක්‍රමයට පැවති මෙම මැතිවරණයේ දී එ.ස.පෙ වෙනුවෙන් එම ආසන දෙක
හිමි වූයේ,රත්නපුර දිස්තිර්ක්කය නියෝජනය කළ වාසුදේව නානායක්කාරට හා කෑගල්ල
දිස්තිර්ක්කය නියෝජනය කළ අතාවුද සෙනෙවිරත්නටයි.හිමි වූ ජාතික ලයිස්තු
මන්තීර්ධූරය කොල්වින් ට දීමට යෝජනා කොට තිබුණ ද ඔහුට එය ලබාගැනීමට නොහැකි විය.පසුව
එම මන්තීර්ධූරය කේ. පී සිල්වාට හිමි විය.මේ කාල වකවානුව වන විට මෙරට වමේ ව්‍යාපාරය
දියාරු වී ගොස් හමාරය.
1970 ට පසු ල.ස.ස.ප තනිව තරඟ කළ නොහැකි පක්ෂයක් බවට පත්
විය.මෙම නිසා ල.ස.ස.ප ට ප්‍රධාන ධාරාවේ පක්ෂයක් සමඟ එක්ව සන්ධානගත වී
කේවල්කරුවෙකුගේ භූමිකාවක් දක්වා ල.ස.ස.ප භූමිකාව පිරිහී යන්නට විය.
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

0 Comments