ඇමරිකා එක්සත් ජනපද හා ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආකෘති කරගෙන නිර්මාණය වුණු 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මෙරට විධායක සතු බලතල සුවිශේෂී පාර්ශවයක් වෙත ලබාදී තිබිණි.ඒ අනුව ලංකාවේ විධායකය ලෙස "ජනාධිපතිවරයෙක්" විය.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පර්ච්ඡේදයේ 30 - 1 වගන්තියට අනුව මනාව පැහැදිලි වේ.
“30. (1) There shall be a President of the Republic of Sri Lanka, who is the
Head
of the State,
The
Head of the Executive
And of the Government, and the Commander-in-Chief of the Armed Forces”
(The Constitution of the Democratic Socialist Republic of Sri Lanka, 2015, 20.)
මෙම ව්‍යවස්ථාවව
අනුව එම තනතුර ඒකාන්තර බහුතර ක්‍රමයට ඍජුවම ජනතා ඡන්දයෙන් පත් කරගනී.ව්‍යවස්ථාව
පැන වූ පසු ප්‍රථම වරට ජනාධිපතිවරණයක් පවත්වනු ලබන්නේ 1982 දීය.
එවකට එ.ජා.ප නායකයා වූ අගමැති ජේ. ආර්
ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය.මෙම සටන ඇරඹුනු
සමයේ ශිර් ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙක් නොවී ය. ලංකා
සමසමාජ පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය ආචාර්ය කොල්වින්
ආර් ද සිල්වා නම් කොට තිබිණි.ශිර්.ල.නි.ප ප්‍රමුඛ වාමාංශික බලවේග සිය ජනාධිපති
අපේක්ෂකයා ලෙස ල.ස.ස.ප ජනාධිපති අපේක්ෂකයා වන කොල්වින් ව පිලිගනු ඇතැයි, මතයක් පවා නිර්මාණය වී තිබිණි. ඊට තවත් හේතුවක් වූයේ, හිටපු ජනපති ජේ. ආර් ජයවර්ධන හා ප්‍රබල සටනක් දීමට හැකි නායකයෙක් හෝ වෙනත්
අපේක්ෂකයෙක් මේ වන විට නොවීම යි.මෙම තත්ත්වය මත එ.ජා.ප විරෝධී බලවේග ල.ස.ස.ප
ජනාධිපති අපේක්ෂකයා හා එකතු වන්නට විය.මෙවන් පරිසරයක ශිර්.ල.නි.ප විසින් එක්වරම
ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරන්නට විය.ඒ, ශිර්.ල.නි.ප ජේෂ්ඨයෙක් වූ හෙක්ටර් කොබ්බෑකඩුව යි.මේ සමඟ කොල්වින් හා
ලංකා සමසමාජ පක්ෂය සතු වූ ජනපිර්යතාවය අඩුවන්නට විය.ඊට ශිර්.ල.නි.ප ජනාධිපති
අපේක්ෂකයාගේ වේදිකාවේ ප්‍රධාන කථීකයා වූ, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ වැඩිමහල් බෑණා වන සරත් මුත්තෙට්ටුවේගම
ගෙන ආ ප්‍රබල විවේචන ද දැඩිව බලපාන්නට ඇත.
එසේම එ.ජා.ප විරෝධී බලවේග ල.ස.ස.ප ට හා ශිර්.ල.නි.ප
ට ලෙස ඛෙදි යන්නට විය.මෙහිදී වැඩි වශයෙන් සිදුවුයේ වාමවාදී බලවේග ශිර්.ල.නි.ප
අපේක්ෂකයා වටා එක් වීමයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි නව වාමාංශික ව්‍යාපාර ද සිය
ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කරන්නට විය.එහි අපේක්ෂකයා වූ රෝහණ විජේවීර ද මේ වන විට
ජනතාව අතර කතාබහට ලක් වූ නායකයෙක් විය. මෙම තත්ත්වයන් ල.ස.ස.ප ජනාධිපති අපේක්ෂකයා
හට ගැටලූ ඇතිකරන්නට සමත් විය.
මෙවන් පසුබිමක් තුළ 1982 දී මෙරට ප්‍රථම ජනාධිපතිවරණය පැවතිනි. එහිදී, ඡන්ද 3,450,811 ලබාගත් ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා බවට පත් විය. ශිර්.ල.නි.ප අපේක්ෂකයා
ඡන්ද 2,548,438 ලබා දෙවන තැනද නව වාමාංශික ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ
ඡන්ද 273,438 ලබා ගනිමින් තෙවන ස්ථානයද හිමිකර ගත්තේ ය.ඡන්ද 58,531 ක් ලබාගත් ල.ස.ස.ප ජනාධිපති අපේක්ෂකයා වූ කොල්වින්ට හිමිවූයේ පස් වන
ස්ථානය යි.මෙහිදී උතුරේ නියෝජනය වූ ජී.ජී පොන්නම්බලම් ද ඡන්ද 173,934 ක් ලබා ල.ස.ස.ප
ජනාධිපති අපේක්ෂකයා වූ කොල්වින් පසු කරගොස් තිබිණි.
මේ අනුව ලංකා සමසමාජ පක්ෂය යනු,තවදුරටත් ප්‍රබල
නායකයන් බිහිකරන ප්‍රධාන ධාරාවේ පක්ෂයක් නොවන බවට පිලිබිඹු වන්නට විය.
Malcome Dep Weerasinghe B.A.History (Sp) USJ
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
උපුටා ගැනීම් සියල්ල කතෘගේ අනුදැනුම මත පමණි.

0 Comments